28.9 C
Galle

ධම්මික පෙරේරා මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දෙයි

Published:

ශ්‍රී ලංකාවේ බිලියනපති ව්‍යාපාරිකයකු වන ධම්මික පෙරේරා අද (22) පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කතානායකවරයා ඉදිරිපිට දිවුරුම් දුන්නේය.

බැසිල් රාජපක්ෂ සිය මන්ත්‍රීධූරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු එම පුරප්පාඩුව සඳහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස ඔහු පත්කරන ලදී.

ධම්මික පෙරේරා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම්දීම වළක්වාලමින් තහනම් නියෝගයක් ‍නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සම් 05ක් ඉදිරපත් කර තිබිණි. එම පෙත්සම් ඊයේ දිනයේ සළකා බැලීමෙන් අනතුරුව ඒවා විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය ‍කළේය.

ඒ අනුව අද (22) ඔහු මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දුන්නේය.

Related articles

spot_img
error: Content is protected !!