27.2 C
Galle

ඉන්දියාවේ ලක්ෂ 80කට කොරෝනා

Published:

ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව අද(29) මිලියන අට පසුකළේය. ඒ් අනුව මේ වනවිට ඉන්දියාවෙන් වාර්තා වන සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව 8,041,051කි. පසුගිය පැය 24 තුළ ඉන්දියාවෙන් කොරෝනා රෝගීන් 49,881ක් තහවුරු වී තිබේ.කොරෝනා රෝගය හේතුවෙන් ඉන්දියාවේ සිදුවී ඇති මුළු මරණ සංඛ්‍යාව 120,583කි.ආසාදනවලට සාපේක්ෂව මරණ සංඛ්‍යාව අඩු මට්ටමක පවතින අතර පසුගිය පැය 24 තුළ මරණ 517ක් සිදුවී තිබේ.සැප්තැම්බර් මාසයේ මුල් සතිවල ඉන්දියාව රෝගීන් වාර්තා වීමේ උච්චතම අවස්ථාව පෙන්නුම් කළ අතර ඒය මේ වනවිට බොහෝ සෙයින් පහත වැටී ඇති බව ඒරට සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.කෙසේවුවද වෛද්‍ය විශේෂඥයින් පෙන්වා දෙන්නේ වර්ථමාන උත්සව සමයෙන් පසු ආසාදන නැවතත් ඉහල යා හැකි බවයි.ලොව වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව ඇමරිකාවෙන් වාර්තා වන අතර ඒය මිලියන 8.8කි. ඉන්දියාව මේවනවිට සිටින්නේ දෙවන ස්ථානයේ ය.

Related articles

spot_img
error: Content is protected !!