27.9 C
Galle

ඉන්ධන මිල යළි වැඩිවෙයි. ලීටරයක් 500 ඉක්මයි

Published:

ඉන්ධන මිල හෙට (24) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දැමීමට සිදුවන බව විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයේ නිලධාරීන් පවසයි.

මිල සූත්‍රය අනුව මෙලෙස ඉන්ධන මිල ඉහළ යාමට නියමිතය.

ඒ අනුනව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 74.00කින් ද , ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 78.00කින්ද ඩීසල් වර්ග දෙක ම ලීටරයක් රුපිියල් 56.00 බැගින් ද ඉහල දැමීමට සැළසුම් කර තිබේ.

එම නව මිල අනුව 24 වැනි දා සිට ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 420.00 සිට 494.00 දක්වා ඉහළ යනු ඇත. ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 450.00 සිට රුපියල් 528.00ක් දක්වා ඉහළ යාමට නියමිතය. මේ වනවිට රුපියල් 400.00කට මිල නියම කර ඇති ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 456.00 දක්වාත්, රුපියල් 445.00කට අළෙවි වන සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 501.00ක් දක්වාත් ඉහළ යනු ඇත.

මේ අතර භූමිතෙල් ලීටරයක මිල ද රුපියල් 210.00ක් ලෙස සංශෝධනය වීමට නියමිතය.

Related articles

error: Content is protected !!