27.9 C
Galle

තෙල් පෝළිම පැන්න මැරයන්ට කාන්තාවෝ එළව එළවා පහර දෙති

Published:

ගලේවෙල විවිධ සේවා සමූපකාර සමිතියේ මකුළුගස්වැව ඉන්ධන පිරවුම්හළට පැමිණ පෝළිම් නොතකා ඉන්ධන ලබාගැනීමට තැත්කළ මැරයන්ට කාන්තාවන් එකතු වී පහර දී පන්නා දමා තිබේ.

මේ ඉන්ධන පිරවුම්හළට තෙල් ලැබුණ විගස එහිි පැමිණෙන පිරිසක් ප්‍රදේශවාසීන් ඇතුළු පෝළිම්වල රැඳී සිටින පිරිස්වලට පෙර චණ්ඩිකම් දක්වා ලබාගන්නා බවට චෝදනා එල්ල වී තිබිණි.

අද (23) සවස සුපුරුදු පරිදි මැරයන් පිරිසක් පැමිණ ඉන්ධන හළෙන් තෙල් ලබාගැනීමට උත්සාහ ගනිද්දී එහි සිටි කාන්තාවන් ඔවුන්ට පහර දී එළවා දැමූ අතර ගමේ පිරිමි ද කාන්තාවන්ට සහය වූහ.

කාන්තාවන්ගෙන් ගුටි කෑ පිටගම්කාර මැරයෝ පළා ගියහ.

‍මේ මැර කණ්ඩායම් පිළිබඳ මකුළුගස්වැව පොලිසියට මින් ඉහත පැමිණිලි කිහිපයක් ම ලැබී තිබිණි.

මැර කණ්ඩායම ඉන්ධන හළට පැමිණ ප්‍රදේශවාසීන්ට බැන තර්ජනය කරමින් ඉන්ධන ලබාගනිද්දී එහි පැමිණි කාන්තාවෝ ඔවුන්ට බුලිවලින් පහරදුන්හ. මේ ප්‍රහාරය නැවැත්වීමට එහි සිටි ආරක්ෂක නිලධාරීන්ට ද නොහැකි වූ අතර පොලිසියට ද ප්‍රහාර කිහිපයක් එල්ල වී තිබිණි.

ප්‍රදේශවාසීන් පවසන්නේ පොලිසිය සහ යුද හමුදාව පවා ඉන්ධන හළ අසළ සිටිය ද එම නිලධාරීන් පවා නොතකා මැරයන් තෙල් ලබාගන්නා බවයි.

Related articles

error: Content is protected !!