27 C
Galle

ගාල්ලේ පිරවුම්හළක පෝළිමේ, යතුරුපැදියක් ගැටී තරුණයෙක් මරුට

Published:

ගාල්ල, අම්බලන්වත්ත ඉන්ධන පිරවුම්හළ ඉදිපිට පෝළිමේ නවතා තිබූ ත්‍රී රෝද රථයක අද (24) අලුයම යතුරුපැදියක් ගැටීමෙන් පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ තොටගොඩ බැදිපාරේ පදිංචි පුබුදු රුවන් නමැති 37 හැවිරිදි පුද්ගලයෙකි. ඔහු යතුරුපැදියේ පැමිණි පුද්ගලයා බව ද පොලිසිය කියයි

අනතුරින් බරපතල තුවාල ලැබූ ඔහු කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කළ පසු මියගොස් ඇති  බව රෝහල් ආරංචිමාර්ග තහවරු කරයිි.

Related articles

spot_img
error: Content is protected !!