27 C
Galle

කොන්දේසි සහිතව IMF සහය දෙන බව කියයි

Published:

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රතිපත්තිවලට සහ කොන්දේසිවලට අනුකූලව මෙම දුෂ්කර අවස්ථාවේ දී ශ්‍රී ලංකාවට සහය දෙන බව එහි නියෝජිතයෝ අද (24) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමු වී කීහ.

අද සවස එම සාකච්ඡාව කොළඹ කොටුවේ ජනාධිපති මන්දිරයේ දී පැවැත්විණි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස පසුගිය 20 වැනි දා මෙරටට පැමිණි අතර ඔවුහු සතියක කාලයක් මෙරට රැඳී සිටිති. එහි දී ඔවුන් අග්‍රාමාත්‍යවරයා, මුදල් අමාත්‍යාංශයේ සහ මහ බැංකුවේ නිලධාාරීන් සමඟ සිදුකළ සාකච්ඡා සහ වත්මන් තත්වය පිළිබඳ ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කර තිබේ.

Related articles

spot_img
error: Content is protected !!