29.2 C
Galle

දේශපාලන වැරදි තීන්දු නිසා ජපන් ව්‍යාපෘති අහිමිකරගත් බව ඇමති කියයි

Published:

වැරදි දේශපාලන තීන්දු ගනිමින් ජපානයෙන් ලැබුණු ඇතැම් සංවර්ධන ව්‍යාපෘති නවතා දැමීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් කණගාටුවන බව වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසයි.

ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිසුකෝෂි හිදෙකි හමුවූ අවස්ථාවේ දී අද (24) මේ බව කියා සිටියේය.

කටුනායක ගුවන්තොටුපොළ දෙවන අදියර ඉදිකිරීමේ ව්‍යාපෘතියේ ප්‍රමාදයන් ගැන සැකසූ වාර්තාවක් ද අමාත්‍යවරයා විසින් මේ අවස්ථාවේ තානාපතිවවරයා ලෙස භාර දෙන ලදී, එම ව්‍යාපෘතිය සඳහා මූල්‍ය ආධාර සපයන ලද්දේ ජපන් ණය ආධාරයකිනි.

තිරිකුණාමල වරාය ආශ්‍රිත නව කර්මාන්ත පුරයක් සඳහා ඉඩම් මේ වනවිට වෙන්කර ඇති බැවින් එම අවස්ථා ප්‍රයෝජනයට ගැනීමට ජපන් ආයෝජකයන් දිරිමත් කරන ලෙස අමාත්‍යවරයා මෙහිදී ජපාන තානාපතිවරයාගෙන්  ඉල්ලීමක් කළේය.

Related articles

error: Content is protected !!