29.2 C
Galle

පෙට්‍රල් එන දවසක් නෑ. එනවා කියූ නැව නෑ

Published:

පෙට්‍රල් සහිත නෞකාව ශ්‍රී ලංකාවට එන දිනයක් ගැන කීමට නොහැකියැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර අද (24) කීවේය.

එම නැව අද 24 ශ්‍රී ලංකාවට පැමිණෙන බව කියා සිටියේ සැපයුම්කරුගෙන් ලැබුණු තොරතුරු අනුව බව ද ඒ ගැන කණගාටුවන බව ද ඇමතිවරයා වැඩිදුරටත් කීවේය.

සැපයුම්කරු මීට පෙර එම නැව අද පැමිණෙන බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට දන්වා තිබුණ ද අද වනවිට පවසන්නේ එය තවත් ප්‍රමාදවන බව යැයි ද ඇමතිවරයා සඳහන් කරයි.

එම නැවෙහි ඔක්ටේන් 92 පෙට්‍රල් මෙට්‍රික්ටොන් 40,000ක් පැමිණීමට නියමිතය.

Related articles

error: Content is protected !!