29.4 C
Galle

නාගරික පාසල් දින තුනයි, ග්‍රාමීය පාසල් දිගටම. ගුරුවරු නාවොත් නිවාඩු නොකැපේ

Published:

ඉන්ධන අර්බුදය හේතුවෙන් පසුගිය සතියේ නොපැවැත් වූ පසාල් සඳුදා සිට සතියකට දින තුනක් පැවැත්වීම සඳහා විදුහල්පතිවරුන්ට බලය ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කර තිබේ.

කොළඹ ඇතුළු නාගරික ප්‍රදේශවල පාසල් ජුනි 27 සිට ජූලි 01 වැනි දා දක්වා සතියේ අඟහරුවාදා, බදාදා සහ බ්‍රහස්පතින්දා දිනවල පැවවැත්විය යුතුය. එම පාසල්වල ප්‍රාථමික අංශ පවත්වන දින ගණන සහ පවත්වන ආකාරය පිළිබඳ තීරණය කිරීමේ බලය විදුහල්පතිට ලබා දී ඇත.

පාසල් නොපැවැත්වෙන දින සඳහා මාර්ගගත ඉගැන්වීම් සහ නිවෙස් පාදක ක්‍රියාකාරකම් අඛණ්ඩව පවත්වාගෙන යා යුතු බව ද දැනුම් දී තිබේ.

ග්‍රාමීය පාසල් සාමාන්‍ය පරිදි පැවැත්වීමට ද කටයුතු කරන්න යැයි විදුහල්තිවරුන්ට උපදෙස් දී ඇත.

මේ අතර ඉන්ධන අර්බුදය හේතුවෙන් ප්‍රවාහන අපහසුතා නිසා පාසලට නොපැමිණෙන ගුරුවරුන් සඳහා එලෙස නොපැමිණෙන දින පුද්ගලික නිවාඩු ලෙස නොසැළකීමටත් ඒ අනුව කාල සටහන් නම්‍යශීලීව සැකසීමටත් උපදෙස් දී ඇත.

මෙම කරුණු ඇතුලත් මාධ්‍ය නිවදේනයක් අධ්‍යාපන අමාත්‍යාංශයේ මාධ්‍ය ඒකකය විසින් නිකුත් කර ඇති අතර ‍එහි සඳහන් ඉහත තීරණ ගනු ලැබුවේ කවුරුන් විසින්ද යන්න මාධ්‍ය නිවේදනයේ සඳහන් කර නැත.

Related articles

spot_img
error: Content is protected !!