29.4 C
Galle

තෙල් බෙදාහැරීම නවතා දමයි. පෝළිම්වල සිටින ජනනතාව අමාරුවේ

Published:

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන බෙදාහැරීම නවතා දමා ඇතැයි වාර්තා වේ. සංස්ථාව සතු ඉන්ධන ඉතාමත් සීමිත වීම හේතුවෙන් මෙවැනි පියවරක් ගෙන ඇත.

දැනට ඇති තෙල් තොග අත්‍යාවශ්‍ය සේවා සඳහා පමණක් ලබාදීමට තීරණය කර ඇතැයි ද වාර්තා වේ.

ඉන්ධන ලබාගැනීම සඳහා තෙල් සංස්ථාව වෙත ගිය බවුසර රාශියක් එහි පෝළිමේ නවතා ඇති අතර රට පුරා ඉන්ධන බෙදාහරින ෂෙඩ්වල ද දින ගණන් තිස්සේ දිග පෝළිම් දක්නට ලැබෙයි.

නමුත් මේ දක්වාම ඉන්ධන නිකුත් කිරීම නවතා ඇතැයි යන්න නිල වශයෙන් තෙල් සංස්ථාව විසින් නිල වශයෙන් දැනුම් දී නැත.

ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබූ පෙට්‍රල් රැගත් නෞකාව ප්‍රමාදවන බව කීව ද එය පැමිණෙන දිනයක් පිළිබඳව ද මෙතෙක් කිසිදු ස්ථිර තොරතුරක් නැත.

Related articles

spot_img
error: Content is protected !!