29.4 C
Galle

ඇමෙරිකා රාජ්‍ය ධූත පිරිස පැමිණෙති

Published:

ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ සහ භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ නියෝජිතයන් පිරිසක් අද (26) අලුයම 2.20ට පමණ කටුනායක ගුවන්තොටුපොළෙන් ශ්‍රී ලංකාවට පැමිණියහ.

එම නියෝජිතයන් කණ්ඩායම ලබන 29 වැනි දා දක්වා ශ්‍රී ලංකාව තුළ රැඳී සිටින බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකා තානාපති කාර්යාලය සඳහන් කරයි.

ආසියානු කටයුතු භාර නියෝජ්‍ය සහකාර භාණ්ඩාගාර ලේකම් රොබට්කැප්‍රොන් සහ දකුණු හා මධ්‍යම ආසියාව සඳහා වන නියෝජ්‍ය සහකාර රාජ්‍ය ලේකම් කෙලී කීඩර්ලින් මෙම නියෝජිත කණ්ඩායමට ඇතුළත් වෙති.

 ඔවුන් මෙරට රැඳී සිටින දින තුනක කාලයේ දී ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයට සහාය ලබාදීම සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැන සාකච්ඡා කිහිපයක් ම පැවැත්වීමට නියමිතය. එහි දී දේශපාලන පක්ෂ නායකයන්, ආර්ථිික විශේෂඥයන් සහ ජාත්‍යන්තර සංවිධානවල නියෝජිතයන් සමඟ සාකච්ඡා කිරීමට නියමිතය.

Related articles

spot_img
error: Content is protected !!