27.3 C
Galle

නිවසක ගින්නකින්, මවත් පියාත් මරුට. දියණියන් දෙදෙනාටත් අසාධ්‍යයි

Published:

කහතුඩුව, මාගම්මන ප්‍රදේශයේ නිවසක ඇති වූ ගින්නකින් අඹුසැමි යුවළක් මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

ඊයේ (25) රාත්‍රී ඔවුන් පදිංචි නිවසේ කාමරයක මෙම ගින්න හටගෙන ඇති අතර සිව්දෙනකු තුවාල ලබා රෝහල්ගත කර තිබිණි

හෝමාගම රෝහලට ඇතුළත් කෙරුණු 41 හැවිරිදි සැමියා ප්‍රතිකාර ලබමින් සිටිය දී මියගොස් ඇති අතර කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී 38 හැවිරිදි බිරිඳ මියගොස් තිබේ. රෝහල් අරංචිමාර්ග සඳහන් කරන්නේ දැඩි පිළිස්සුම් තුවාල සහිතව 18 හැවිරිදි දියණිය කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර බන අතර සිව් හැවිරිදි තවත් දියණියක් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කර සිටියි.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය කරගෙන නැත.

Related articles

spot_img
error: Content is protected !!