29.2 C
Galle

රජයේ නිලධාරීන් ගෙදර නැවැත්වීමට, නව චක්‍රලේඛයක් නිකුත් කරයි

Published:

රජයේ කාර්යාල සඳහා නිලධාරීන් කැඳවීම තවදුරටත් සීමා කරමින් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්.පී.කේ.මායාදුන්න අද (26) නව චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

පසුගිය 17 වැනි දි න රජයේ කාර්යාල වෙත නිලධරයන් කැඳවීම සීමා කරමින් නිකුත් කරන ලද චක්‍රලේඛයට අමතරව මෙය නිකුත් කර ඇත.

අද නිකුත් කරන ලද චක්‍රලේඛයේ දැක්වෙන්නේ අමාත්‍යාංශ ලේකම්වරු, පළාත් ප්‍රධාන ලේකම්වරු, දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහ ආයතන ප්‍රධානීන් විසින් තම ආයතනවෙත නිලධාරීන් කැඳවීම සම්බන්ධ අවසන් තීරණය ගත යුතු බවයි.

ඒ අනුව, එදිනෙදා කටයුතු බිඳ වැටීමකින් තොරව පවත්ව‍ාගෙන යාමට අවසන් අවම සේවකයන් සංඛ්‍යාව කැඳවීමටත්, හැකි සෑම අවස්ථාවක දී ම නිලධාරීන්ට නිවසේ රැඳී සිට ඔන්ලයින් ක්‍රමයට සේවය කිරීමට අවස්ථාව සැළසීමටත් ප්‍රමුඛතාව දිය යුතුය. එමෙන් ම සියලු රජයේ සේවකයන්ගේ ගමන් බිමන් සීමා කළ යුතු බවත් රැස්වීම් සහ සාකච්ඡා ඔන්ලයින් ක්‍රමයට පැවැත්විය යුතු බවත් නව චක්‍රලේඛයේ සඳහන් කර ඇත.

Related articles

error: Content is protected !!