29.4 C
Galle

හෙට පාසල් නිවාඩු. ග්‍රාමීය පාසල් සතියට දින තුනයි. නාගරික ළමයි නිවෙස්වල

Published:

පාසල් පැවැත්වීම පිළිබඳ නිවේදනය නැවත සංශෝධනය කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කර තිබේ. විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය එළැඹෙන සතියේ දී ඉන්ධන ලබාදීමට නොහැකි බව දන්වා ඇති බැවින් හෙට 27 සිට ලබන 01 වැනි දා දක්වා මීට පෙර සතියේ මෙන් කොළඹ කලාපය, ඒ ආසන්න නගරවල පාසල් සහ සෙසු පළාත්වල ප්‍රධාන නගරවල පිහිටි පාසල් නොපැවැත්වීමට තීරණය කර තිබේ.

එමෙන් ම පසුගිය සතියේ ග්‍රාමීය පාසල් පැවැත්වූ ආකාරයට ම සිසුන්ට සහ ගුරුවරුන්ට ප්‍රවාහන අපහසුතාවක් නැතිනම් අඟහරුවාදා, බදාදා සහ බ්‍රහස්පතින්දා දිනවල දී පමණක් පාසල් පැවැත්වීමට කටයුතු කරන ලෙස දැනුම් දී තිබේ.

ප්‍රවාහන අපහසුතා හේතුවෙන් පාසල් නොපැමිණෙන ගුරුවරු සඳහා පුද්ගලික නිවාඩු අඩුනොකරන ලෙස ද අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දී ඇත.

2022 ජුනි 27 දිනෙන් ආරම්භ වන සතිය තුළ උසස් පෙළ සඳහා වාර පරීක්ෂණ   පැවැත්වීමට සූදානම් කර ඇත්නම් එම වාර පරීක්ෂණ සති දෙකකින් පසු පැවැත්වීමට කටයුතු කරන ලෙස ද අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙයි.

Related articles

spot_img
error: Content is protected !!