27.3 C
Galle

කැලණියේ වෙඩි තැබීමකින් අයෙක් මරුට. දරුවකුටත් තුවාලයි

Published:

කැලණියේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයකු මියගොස් කාන්තාවක සහ වයස අවුරුදු දෙකක දරුවකු තුවාල ලබා ඇතැය පොලිසිය සඳහන් කරයි.

මෙලෙස මියගොස් ඇත්තේ වේයන්ගොඩ පදිංචි 31 හැවිරිදි වියේ පසුවූ පුද්ගලයෙකි. ඔහු සිිය බිරිඳ සහ කුඩා දරුවා සමඟ යතුරුපැදියකින් ගමන් කරමින් සිටිය දී වෙනත් යතුරුපැදියකින් පැමිණි අයකු පට්ටියහන්දියේ දී වෙඩි තබා පලාගොස් ඇතැයි පොලිසිය පවසයි.

වෙඩි වැදී ඇත්තේ මාර්ගයේ ගමන්ගත් කාන්තාවකට බවත් බිරිඳට වෙඩි වැදුණේ ද යන්න පිළිබඳ තෙරතුරක් නොමැතිි බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි. තුවාල ලැබූ කුඩා දරුවා රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කර ඇත.

Related articles

spot_img
error: Content is protected !!