27.3 C
Galle

දුම්රිය සේවාවත් අඩාල වෙයි ?

Published:

දුම්රිය ධාවනය අඩාල විය හැකියැයි දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ ලේකම් කසුන් චාමර පවසයි. ඔහු පෙන්වා දෙන්නේ ඉන්ධන නොමැතිවීම හේතුවෙන් දුම්රිය ස්ථානාධිපතිවරුන්ට සහ අනිකුත් කාර්ය මණ්ඩලයට සිය සේවා ස්ථාන වෙත පැමිණීමේ ගැටලුවක් ඇතිවී තිබෙන බවයි.

ඇතැම් රාජ්‍ය සේවකයන්ට ඉන්ධන ලබාදීමට පහසුකම් සලසා තිබුණ ද සියලුම පාර්ශවයන්ගේ අත්‍යාවශ්‍ය සේවාවක් වන දුම්රිය සම්බන්ධයෙන් අවධානය යොමු නොකිරීම පිළිබඳව කණගාටු වන බව ද හෙතෙම කීවේය.

Related articles

spot_img
error: Content is protected !!