27.3 C
Galle

ෂෙඩ් වසා සේවකයෝ ගෙදර යති. ජනතාව පෝළිම්වල රස්තියාදු වෙති

Published:

ඉන්ධන නොලැබීම හේතුවෙන් රට පුරා ‍සිපෙට්කෝ සහ අයිඕසී පිරවුම්හල් රැසක් අද (27) වසා දමා ඇතැයි මාධ්‍යවේදීන් පවසයි.

ඉන්ධන නොමැතිව පිරවුම්හල් වසා දමා සේකයන්  නිවෙස්වලට ගොස් ඇතත් ඉන්ධන ලැබෙනු ඇතැයි අපේක්ෂාවෙන් සිය ගණන් වාහන සෑම ඉන්ධන පිරවුම්හළක් අසළ ම පාහේ දක්නට ලැබීම විශේෂත්වයකි. ඉන්ධන පෝළිමට ආ ඇතැම් පුද්ගලයෝ සිය වාහනය යළි නිවසට ගෙන යාමට හෝ ප්‍රමාණවත් ඉන්ධන නැති බව කියති.

මේ අතර බලශක්ති අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ නැවත ඉන්ධන නෞකාවක් මෙරටට පැමිණෙන දිනයක් ගැන නිශ්චිතව කිව නොහැකි බවයි.

කෙසේ නමුත් පැමිණෙන ඉන්ධන නෞකාවේ ප්‍රමුඛතාවය විදුලිය, කර්මාන්ත, සෞඛ්‍ය ඇතුළු අත්‍යවශ්‍ය සේවාවන් වෙත ලබා දෙන බව ද අමාත්‍යවරයා කීවේය.

Related articles

spot_img
error: Content is protected !!