29.6 C
Galle

රට ම Lockdown ? ඉන්ධන තොග අදින් අවසන්

Published:

තෙල් නොමැතිවීම හේතුවෙන් රට ම ස්වයංක්‍රීයව අඟුළුවැටෙන තත්වයකට පත්ව තිබේ.

‍ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නිලධාරියකු කියා සටියේ දැනට රටෙහි ඇත්තේ පෙට්‍රල්ල මෙට්‍රික් ටොන් 1,100ක් සහ ඩීසල් මෙට්‍රික් ටොන් 7,500ක් පමණක් බවයි.

එය දිනකට ප්‍රමාණවත් නැතැයි ද පැවසේ.

ශ්‍රී ලංකාව ණය ගෙවීම පැහැර හැර ඇති බැවින් රට අසාදු ලේඛන ගත වී තිබේ. මේ හේතුවෙන් යම් සමාගමක් ශ්‍රී ලංකාවට තෙල් සැපයීමට නම් ජාත්‍යන්තර ඇපකර ඉල්ලයි. එවැනි ඇපකර ලබාදීමට නොහැකි බැවින් තෙල් ලබාගැනීමට නොහැකි වී තිබේ.

දැනට සීමිතව ඇති ඉන්ධන තොග අත්‍යාවශ්‍ය සේවා සඳහා පමණක් නිකුත්කරන බවත්, සාමාන්‍ය ජනතාවට ‍ටෝකන් ක්‍රමයට ඉන්ධන නිකුත් කිරීම පවා අපහසු වනු ඇතිි බවත් පැවසේ.

 මේ වනවිට විදුලි බලාගාර සඳහා අවශ්‍ය ඉන්ධන තොග ද සැපයීමට නොහැකි වීම හේතුවෙවන් විදුලි කප්පාදුව ද තවත් දීර්ඝ වනු ඇත.

Related articles

error: Content is protected !!