27.3 C
Galle

ධම්මික පෙරේරාගේ අමාත්‍යාංශයට ආයතන ගැසට් කරයි

Published:

ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයට අදාල ආයතන, විෂයය පථයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය නිකුත් ක‍ර තිබේ.

හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඉල්ලා අස්වීමෙන් පසු පුරප්පාඩු වූ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරයට ව්‍යාපාරික ධම්මික පෙරේරා පත්කරන ලද අතර ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙස ඔහු දිවුරුම් දෙනු ලැබීය.

ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයට පහත සඳහන් ආයතන ඇතුළත් කර තිබේ

  1. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය
  2. කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව
  3. කොළඹ වරාය ආශ්‍රිත ව්‍යාපෘති
  4. ආගමන හා විගමන දෙපාර්තමේන්තුව
  5. කලම්බු ලෝටස් ටවර් මැනේජ්මන්ට් කම්පනි ප්‍රයිිවට් ලිමිටඩ්
  6. ටෙක්නෝපාක් ඩිවලප්මන්ට් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ්
  7. තොරතුරු තාක්ෂණ උද්‍යාන

Related articles

spot_img
error: Content is protected !!