27.6 C
Galle

නංගී තනිකරමින් අක්කාත්, අම්මා සහ තාත්තා ගිය නොඑන ගමනම යයි

Published:

හෝමාගම මාගම්මන ප්‍රදේශයේ නිවසක ඇති වූ ගින්නෙන් තුවාල ලබා දැඩිි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි 19 හැවිරිදි තරුණිය ද අද (28) සවස මියගියාය.

මෙලෙස මියගොස් ඇත්තේ කාවින්දි රණසිංහ (19) තරුණියයි.

පසුගිය 25 වැනි දා රාත්‍රී ඇය පදිංචි නිවසේ ගින්න හටගෙන තිබූ අතර එම ගින්නට හේතුව නිවසට ගෙනවිත් ගබඩා කරගෙන තිබූ පෙට්‍රල්වලින් පිට වූ වාෂ්පය විදුලි පහන් දැල්වීමේ දී ඇති වූ ගිනිපුපුරු ඇවිලී යාමෙන් මේ ගින්න ඇති වූ බවට විශ්වාසයක් පවතී.

ගින්න ඇති වූ දිනයේ දී ම ඇගේ මව සහ පියා මියගිය අතර ඔවුන්ගේ මෘත දේහ සම්බන්ධ අවසන් කටයුතු අද (28) සවස සිදුකෙරුණි.

සය හැවිරිදි බාලල දියණිය මේ වනවිට රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.

Related articles

spot_img
error: Content is protected !!