කරාපිටිය රෝහල් කාර්ය මණ්ඩලයට ඉන්ධන ලබාගැනීමට නම් විවාහ සහතිකය පවා ඉදිරිපත් කිරීමට සිදුව තිබේ.
මේ සම්බන්ධයෙන් රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය එස්.ඩී.යූ.එම්.රංග විසින් නිකුත් කළ ලිපියක දැක්වෙන්නේ ඉන්ධන සඳහා ප්‍රමුඛතාව ලබාදීමටනම් වාහනයේ ආදායම් බලපත්‍රයේ පිටපතක්, වාහන ලියාපදිංචි සහතිකයේ පිටපතක් සහ එම වාහනය කාලත්‍රයාගේ නමට ඇති වාහනයක් නම් විවාහ සහතිකයේ ද පිටපතක් අවශ්‍ය බවයි.
රෝහල් අධ්‍යක්ෂවරයා පවසන්නේ අත්‍යාවශ්‍ය සේවාවක් ලෙස සෞඛ්‍ය සේවාවට ඉන්ධන ලබාගැනීමේ දී රෝහල් කාර්ය මණ්ඩලෙයේ වැටුප් අංකය ඉන්ධන ලබාගන්නා ටෝකන් අංකය ලෙස සළකන බවයි. ඒ අනුව මෙම ලියකියවිලි අවශ්‍ය බව ද දැනුම් දී තිබේ.
මෙවැනි තීරණයක් ගෙන ඇත්තේ ඉන්ධන ලබාගැනීමේ දී සිදුවන අක්‍රමිකතා වළක්වාගැනීමට බව ද ඔහු සිය ලිපිය මගින් සියලුම කාර්ය මණ්ඩලවලට දන්වා ඇත.


