සූරියවැව සුරුවිරුගම ඉන්ධන පිරවුම්හළේ පෝළිමට වන අලියකු පැමිණීම හේතුවෙන් එහිි සිටි පුද්ගලයෝ සීසී කඩ දිව යාමේ සිද්ධියක් වාර්තා වේ.
පසුගිය 27 වැනි දා රාත්‍රී 11.00 ට පමණ වනාන්තරයෙන් එළියට පැමිණි මේ අලියා තෙල් පෝළිම අසළටම පැමිණ තිබේ. ඒ වනවිටත් විශාල පිරිසක් පෝළිමේ රැඳී සිට ඇති අතර අලියාගේ පැමිණීමත් සමඟ පිරිස ඒ මේ අත දිවගොස් තිබේ.
මද වේලාවක් ඒ දෙස බලා සිටි අලියා කිසිවෙකුට කරදර නොකර නැවත වනයට වැදී නොපෙපනී ගොස් ඇති අතර දිවගිය ඇතැම් පිරිස් යළි පෝළිමට එකතු වී ඉන්ධන ලබාගැනීමට කටයුතු කර තිබේ.


