28.3 C
Galle

ජලාශ දෙකක ජලය නිකරුනේ මුදාහැර, පුද්ගලික අංශයෙන් විදුලිය මිලදී ගැනීමේ සිද්ධියක් ගැන CID පරීක්ෂණ

Published:

විදුලි අර්බුදයක් පවතින අවස්ථාවක දී රන්ටැඹේ සහ රන්දෙණිගල ජලාශවල ජලය නිකරුණේ මුදා හැරීමේ සිද්ධික් සම්බන්ධයෙන් අපරපාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂණ ආරම්භ කර තිබේ.

විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයා විසින් පොලිස්පතිවරයාට කරන ලද පැමිණිල්ලකට අනුව එම පරීක්ෂණ  පැවැත්වේ. පොලිස් ආරංචිමාර්ග අනුව මේ වනවිටත් එම ජලාශ බාරව සිටින නිලධාරන් 17 දෙනකුගෙන් ප්‍රකාශ ලබාගෙන අවසන්ය.

පසුගිය 08 වැනි දා විදුලිබල මණ්ඩලයේ සේවකයන් වර්ජනයක් ක්‍රියාත්මක කර තිබිය දී එදින මධ්‍යම රාත්‍රී සිට පසුව දා සවස 2.00 දක්වා කාල‍යේ දී මෙලෙස ජලය මුදාහැර ඇතැයි වාර්තා වේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ආරංචිමාර්ග සඳහන් කරන්නේ විදුලි නිෂ්පාදනය නොකර ජලය වගාබිම්වලට බව පවසමින් මුදාහැර ඇති බවයි. එසේ ජලය මුදාහැර අනතුරුව ජාතික විදුලිබල පද්ධතියට පුද්ගලික විදුලි බලාගාරවලින් රුපයල් කෝටි 16.2ක විදුලිය මිල දී ගැනීම සම්බන්ධයෙන් ද පරීක්ෂණ පැවැත්වෙයි.

Related articles

error: Content is protected !!