28.3 C
Galle

කන්දකාඩු ගැටුමෙන් 440ක් පලායති. රැඳවූවකු මියගියේ වෙඩි වැදීමකින් යැයි ද ප්‍රචාරයක් ?

Published:

වැලිකන්දේ කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරේ රැඳවියකු අද (29) උදේ මරණයට පත්ව තිබීමත් සමඟ එම කඳවුරේ රැඳවියන් සහ හමුදාව අතර උණුසුම් තත්වයක් හටගෙන තිබේ.

එය ගැටුමක් දක්වා දුරදිග ගොස් ඇති අතර මේ වනවිට රැඳවියන් 440ක් පැන ගොස් ඇතැයි වාර්තා වේ. සැකකටයුතු ලෙස මියගිය රැඳවියාගේ මළ සිරුර පොලිසියට හෝ හමුදාවට ලබා ගැනීමට නොහැකි වී ඇතැයි ද වාර්තා වේ.

මෙම රැඳවියා මියගියේ වෙඩි තැබීමකින් බවත් ආහාර ඉල්ලා ඇතිවූ බහින් බස්වීමක් අතර එම වෙඩි තැබීම සිදුව ඇතැයි ද ඇතැම් පුද්ගලයන් පවසයි. නමුත් ඒ පිළිබඳ බලධාරීන් කිසිවෙකුත් නිශ්චිතව පවසන්නේ නැත. ඔවුන් පවසන්නේ කිසියම් අභිරහස් හේතුවකින් මරණයක් සිදුව ඇති බවයි.

Related articles

error: Content is protected !!