28.3 C
Galle

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගැසට් කරයි

Published:

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි සංශෝධන කෙටුම්පත ඊයේ (29) ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත්කර තිබේ.

අමාත්‍ය විජේදාස රාජපක්ෂ විසින් එය අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමෙන් පසු ඊට අනුමැතිය හිමිවිය. ඉන් අනතුරුව මෙලෙස ගැසට් කර ඇත.

19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් අඩුකරන ලද ජනාධිපති බලතල යළි 20 වැනි සංශෝධනයෙන් වැඩි කිරීම හේතුවෙන් ඒ බලතල අඩුකළ යුතුයැයි මේ වනවිට සමාජයේ විශාල මතයක් ගොඩනැගී තිබේ. මේ හේතුවෙන් පසුගිය දා 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමට කටයුතු කළ අතර එහි ඇති වගන්ති රැසක් පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බැවින් ජනමත විචාරණයකට යා යුතුයැයි අධිකරණය විසින් තීන්දු කිරීම හේතුවෙන් මේ වනවිට 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කර ඇත.

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය ‍සම්පූර්ණයෙන් ම මෙතැනින්

Related articles

error: Content is protected !!