බීඒ 04 සහ බීඒ 05 ලෙස නම් කර ඇති නව කොරෝනා ප්‍රභේද මේ වනවිට රටවල් 110ක වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි.
මෙතෙක් ලෝකය පුරා ව්‍යාප්ත වූ සියලු ම කොරෝනා ප්‍රභේදවලට වඩා සීඝ්‍රයෙන් පැතිරයාමක් පෙන්නුම් කරන මෙම ප්‍රභේද සමස්ත ලෝකයට ම විශාල බලපෑමක් කරනු ඇතැයි සෞඛ්‍ය විශේෂඥයෝ අනතුරු අඟවා ඇත.
ඔවුන් පවසන්නේ මෙම වයිරස ප්‍රභේද හේතුවෙන් ලෝකයේ කොරෝනා රෝගීන් සංඛ්‍යාව 20%කින් පමණ යළි ඉහළ යනු ඇති බවයි.
මේ වනවිටත් එම ප්‍රභේදවල බලපෑමෙන් ලොව කොරෝනා මරණ සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව ද වාර්තා වේ.


