30.5 C
Galle

රජය IOC සමාගමෙන් ඩීසල් මිල දී ගැනීමට යයි

Published:

අත්‍යාවශ්‍ය සේවා සඳහා ලබාදීමට ලංකා අයිඕසී සමාගමෙන් ඩීසල් මෙට්‍රික් ටොන් 7,500ක් මිල දී ගැනීමට රජය තීරණය කර තිබේ.

සෞඛ්‍ය, ජල සහ විදුලි සැපයුම්,  ආහාර සැපයුම්, පොදු ප්‍රවාහන සේවා සහ ආරක්ෂක ආදී අත්‍යාවශ්‍ය සේවාවන් පවත්වාගෙන යාමට ප්‍රමාණවත් තරම් ඉන්ධන නොමැතිවීම හේතුවෙන් මෙවැනි තීරණයක් ගැනීමට සිදුව ඇති බව වාර්තා වේ.

රජය සාමාන්‍ය ජනතාවට ඉන්ධන නොදෙන බව පැවසුව ද පෙරේදා (28) දිනයේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ප්‍රධාන ගබඩාවෙන් ම සුඛෝපභෝගී රථ සඳහා ඉන්ධන නිකුත් කරන ආකාරය සිරස News1st ඔස්සේ විකාශය කෙරිණි.

Related articles

spot_img
error: Content is protected !!