30.5 C
Galle

ගාලු පිට්ටනියේ කූඩාරම් සුළඟේ ගසාගෙන යයි

Published:

ගාල්ල නගරයට බලපා ඇති දැඩි සුළං තත්තවයක් හේතුවෙන් අද (30) පෙරවරුවේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ තිබූ තාවකාලික ඉදිකිරීම් රැසක් කැඩීගියේය.

වැස්ස සහ සුළං තත්වය හේතුවෙන් අද උදෑසන ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා පළමු ටෙස්ට් තරඟයේ දෙවැනි දිනය සඳහා තරඟය මෙතෙක් ආරම්භ කර නැත.

මේ අතර දැඩි සුළං තත්වයත් සමඟ ක්‍රීඩාංගණය වටා ඉදිකර තිබූ තාවකාලික කූඩාරම් සියල්ල කැඩී ඒවායේ රඳවා තිබූ කූඩාරම් රෙදි ඉරී ගැල වී ගොස් ඇත. මේ දක්වා ම ක්‍රීඩාංගණය ආවරණය කර තිබේ.

(ඡායාරූප – රොහාන් සේනාතිලක)

Related articles

spot_img
error: Content is protected !!