28.3 C
Galle

දුම්රිය මගීන් අමාරුවේ ? තවත් ගමන්වාර රැසක් අවලංගුවීමේ අවදානමක්

Published:

ඉන්ධන අර්බුදය හේතුවෙන් අද (30) දිනයේ දී ද දුම්රිය ගමන් වාර කිහිපයක් පෙර දැනුම් දීමක් නොමැතිව ම අත්හිටුවීමට සිදුවීමේ අවධානමක් ඇතැයි දුම්රිය නියාමකවරුන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ උප ලේකම් නි‍රෝෂන් හේරත් පවසන්නේ නියාමකවරුන්ට සේවය සඳහා පැමිණීමට නොහැකිවීම හේතුවෙන් මෙවැනි තත්වයක් උදා වී ඇති බවයි. ඉන්ධන හිඟය උඝ්‍ර වීම හේතුවෙන් ඔවුන්ට සේවයට වාර්තා කිරිමට නොහැකි වීම දැඩි ගැටලුවක් බව ඔහු පවසයි.

“දුම්රිය සේවය අත්‍යාවශ්‍ය සේවාවක් ලෙස සළකා දුම්රිය රියදුරන්, ස්ථානාධිපතිවරුන් සහ නියාමකවරුන් සඳහා සේවයට පැමිණීම අවශ්‍ය තෙල් ලබාදෙන්න කියා අපි ඉල්ලා සිටිනවා. නැතිනම් එවුන්ට සේවයට වාර්තා කළ නොහැකි වේවි. එවිට දිගින් දිගටම දුම්රිය ගමන්වාර අවලංගු වෙනවා.”

ඊයේ (29) දිනයේ දී දුම්රිය ගමන්වාර 60ක් පමණ අවලංගු කිරීමට සිදුවූ අතර අද (30) ඊටත් වඩා වැඩි ගමන් වාර සංඛ්‍යාවක් අවලංගු කිරීමට සිදුවනු ඇත.

Related articles

error: Content is protected !!