30.5 C
Galle

ගාලු කොටු දොර වසා ඉන්ධන ඉල්ලා උද්ඝෝෂණයක්

Published:

ගාලු කොටුව ඉන්ධන පිරවුම්හළ අසළ විරෝධතාවක් අද (01) මේ වනවිට ආරම්භ කර ඇති අතර ආරක්ෂක අංශ විසින් එහි ආරක්ෂාව ද දැඩි කර තිබේ.

තමන්ට ඉන්ධන ලබා දෙනතුරු කිසිම අත්‍යාවශ්‍ය සේවා යැයි කියාගන්නා වෛද්‍යවරුන්ට හෝ වෙනත් කිසිවෙකුට ඉන්ධන ගැනීමට ඉඩ නොතබන බව පවසමින් මීට පෙර ටෝකන් ලබාගත් පිරිසක් එම ස්ථානයේ විරෝධතාවක නිරතව සිටිති.

ගාල්ල කොටුවේ පැරණි කොටු දොරකඩ ආසන්නයේ පිහිටා ඇති සමූපකාර ඉන්ධන පිරවුම්හළේ මේ උණුසුම්කාරී තත්වය ඇති වී තිබේ. ඉන්ධන පෝළිමේ රැඳී සිට මීට පෙර ටෝකන් ලබාගත් පිරිසක් එම ස්ථානයේ මාර්ගයේ වාඩිවී විරෝධතාවක නිරතව සිටින අතර ඔවුන් වෙනත් කිසිදු වාහනයකට ඉන්ධන ලබාගැනීමට ඉඩ දෙන්නේ නැත.

වෛද්‍යවරු ඇතුළු සෞඛ්‍ය සේවකයන් වෙනුවෙන් අද (01) ඉන්ධන ලබා ගැනීම සඳහා සිපෙට්කෝ ආයතනයෙන් ඉන්ධන බවුසරයක් එම ඉන්ධන පිරවුම්හළට එවා ඇති අතර ඒ බව රජයේ ලේඛනවලින්ද තහවරු වෙයි.

එසේ වුව ද ටෝකන් ලබාගත් පිරිස පවසන්නේ තමන්ට ඉන්ධන ලබාදීමෙන් අනතුරුව වෛද්‍යවරු ඇතුළු සෞඛ්‍ය සේවකයන්ට ඉන්ධන ලබාදිය යුතු බවයි.

අද (01) උදෑසන අප වාර්තා කළ ලිපිය මෙතැනින්

Related articles

spot_img
error: Content is protected !!