30.5 C
Galle

පාසල් දැරියන් 06 දෙනකුට අතවර කළ, ගුරුවරයා අල්ලන්න යැයි උද්ඝෝෂණ

Published:

ශිෂ්‍යාවන්ට ප්‍රේම සම්බන්ධතා  ඇතිකර ගැනීමට ආධාර අනුබල දී පසුව ඔවුන් ලිංගික කාර්යයන් සඳහා යෙද වූ පාසල් ගුරුවරයකු අත්අඩංගුවට ගන්නා ලෙස බලකරමින් මුලතිව් හි උද්ඝෝෂනයක් ආරම්භ කර තිබේ.

මෙම පාසල් ගුරුවරයාගේ අතවරයට ලක් වූ පාසල් ශිෂ්‍යාවන් 06 දෙනකු මේ වනවිට රෝහල්ගත කර ඇත. වෛද්‍ය පරීක්ෂණ වාර්තා ඉදිරිපත් කිරීමෙන් පසු මුලතිව් මහේස්ත්‍රාත් ආර්.සරවනරාජා විසින් එම ගුරුවරයා අත්අඩංගුවට ගන්නා ලෙස පොලිසියට නියෝගයක් ද නිකුත්කරන ලදී.

පොලිසිය පවසන්නේ සැකකාර ගුරුවරයා ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බැවින් ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුම් දියත්කරන බවයි.

Related articles

spot_img
error: Content is protected !!