28.7 C
Galle

කිලිනොච්චිය හැර සියලු දිස්ත්‍රික්කවල කොරෝනා

Published:

කිලිනොච්චි දිස්ත්‍රික්කයෙන් හැර මෙරට සියලු දිස්ත්‍රික්කවලින් කොරෝනා ආසාදිතයන් වාර්තා වී ඇතැයි කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

ඊයේ මධ්‍යම රාත්‍රිය පසුවන විට මෙරටින් වාර්තා වී තිබූ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 9791කි. ඉන් 5630ක පිරිසක් තවමත් රෝහල්වල ප්‍රතිකාර ලබති.

ඉන් වැඩිම පිරිසක් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙනි. එම සංඛ්‍යාව 2960 ක් වන අතර ඉන් පසු වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තාවන කොළඹ දිස්ත්‍රික්කයේ මෙතෙක් හමුවී ඇති ආසාදිතයන් ගණන 1760කි. කළුතරින් ආසාදිතයන් 261ක්, කුරුණෑගලින් ආසාදිතයන් 144ක් වශයෙන් වාර්තා වෙයි.

අද වන විට මෙරටින් කොරෝනා ආසාදිතයින් හමුවූ දිස්ත්‍රික්ක වශයෙන් දැක්වෙන සිතියම පහත දක්වා ඇත.

Related articles

spot_img
error: Content is protected !!