30.5 C
Galle

ජපානය ශ්‍රී ලංකාවට පිටුපායි ?

Published:

ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටිය ද මේ අවස්ථාවේ දි ජපානය සහය නොදෙන බව ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිෂුකොෂි පවසයි.

ඔහු මේ බව කියා ඇත්තේ දෙමළ ජාතික සන්ධානය සමඟ පැවැති සාකච්ඡාවක දී ය.

ශ්‍රී ලංකාවට ලබාදෙන මූල්‍ය ආධාර නිසිලෙස භාවිතා නොකරන බවත්, මේ අවස්ථාවේ දී ද ආධාර ලබාදුනහොත් ඒවා වැරදි ලෙස කළමනාකරණය කිරීමේ අවදානමක් පවතින බවත් ජපාන තානාපතිවරයා  පවසා තිබේ.

ශ්‍රි ලංකාවට ආධාර ලබාදීම පිළිබඳ පසුව සළකා බලන බව ද හෙතෙම වැඩිදුරටත් පවසා ඇත.

Related articles

spot_img
error: Content is protected !!