30.5 C
Galle

මවක්, දරු දෙදෙනා සමඟ වැවට පනී. පස් හැවිරිදි දියණිය මරුට

Published:

මවක් සිය දරු දෙදෙනා සමඟ ඇඹිලිපිටියේ චන්ද්‍රිකා වැවට පැනීමෙන් එක් දරුවකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ පස් හැවිරිදි වියේ පසු වූ දියණියකි. මව තම දරු දෙදෙනා ද සමඟ චන්ද්‍රිකා වැවේ සොරොව්ව අසළින් දියට පැන ඇත.

ප්‍රදේශවාසීන් සහ පොලිස් ජීවිතාරක්ෂක කණ්ඩායම් විසින් එම මව සහ පුතු බේරාගෙන තිබේ. මව ඇඹිලිපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවත්, 11 හැවිරිදි පුතා යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවන බවත් වෛද්‍යවරු කියති.

Related articles

spot_img
error: Content is protected !!