30.5 C
Galle

කන්දකාඩු සිද්ධියට සැක පිට සෙබළු 04ක් අත්අඩංගුවට

Published:

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රඳවා සිටි අයකු මිය යාමේ සිද්ධියට සැකපිට යුද හමුදා සෙබළු දෙදෙනකු සහ ගුවන් හමුදා සෙබළු දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි

එහි දී මියගොස් ඇත්තේ දෙමෝදර පදංචිකරුවකු වන බුද්ධික රාජපක්ෂ නමැති අයෙකි. මියගිය පුද්ගලයාගේ සිරුර ඔහුගේ සහෝදරයකු විසින් හඳුනාගෙන ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පවසන්නේ මෙම සිද්ධිය සමඟ කඳවුරෙන් පළාගිය  678 දෙනකු ඊයේ (01) සවස්වන විට අත්අඩංගුවට ගෙන තිබූ බවයි. පළාගොස් නැවත පැමිණි සහ එම මධ්‍යස්ථානයේ ම රැඳී සිටි රැඳවූවන් සංඛ්‍යාව 272කි. ඒ අනුව තවත් 27 දෙනකු අත්අඩංගුවට ගැනීමට නියමිත බවත් ඔවුන් සොයා මෙහෙයුම් සිදුකරන බවත් පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් 678 දෙනා ම අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඩ් භාරයට පත්කර ඇත.

Related articles

spot_img
error: Content is protected !!