28 C
Galle

උපදින දරුවන්ගේ බර අඩුවෙයි. මන්දපෝෂණයෙන් පීඩිත අනාගතයක් අත ළඟ

Published:

කුඩා දරුවන්ගේ සහ ගැබිනි කාන්තාවන්ගේ බර අඩුවීමේ තත්වයක් දැකිය හැකියැයි රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමය පවසයි

ඔවුන් පෙන්වා දෙන්නේ ආර්ථික අර්බුදය සමඟ පෝෂ්‍යදායී ආහාර වේලක් නොලැබීම සහ මානසික අවපීඩනය මෙයට හේතුවක් විය හැකි බවයි.

මේ පිළිබඳ අදහස් දැක්වූ ‍රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමයේ සභාපතිනි දේවිකා කොඩිතුවක්කු මෙසේ කී‍වාය.

“මේ වනවිට ග්‍රාමීය සහ දුෂ්කර ප්‍රදේශවල ගැබිනි මව්වරුන්ගේ බර අඩුවීමක් දක්නට ලැබෙනවා. ඒ වගේ ම කුඩා දරුවන්ගේත් බර අඩුවීමක් විශේෂයෙන් අපට නිරීක්ෂණය වනවා. දුෂ්කර ප්‍රදේශවල ඉන්න ගැබිනියන්ගේ පෝෂණ ඌණතාවක් පෙන්නුම් කරනවා. ආර්ථික අර්බුදය ආරම්භවීමත් එක්ක දරුවන්ගේ බරත් අඩුවීමේ ප්‍රවණතාවක් ඇති බව අපට නිරීක්ෂණය කරන්න හැකිවුණා. දරුවෝ සීයක් ගත්තොත් 20 දෙනකුගේ ම බර අඩුවෙලා. මෙය ඉතාමත් භයානක තත්වයක්. ඉපදී සිටින දරුවන්ගේ බර මේ විදියට අඩුවීමත් ගැබිනි කාන්තාවනගේ පෝෂණ ඌණතා නිසා උපදින දරුවන් බර අඩු දරුවන් ලෙස ඉපදීමත් අනාගත පරපුරේ ඛේදජනක ඉරණමක් කියාපානව. අපි ගැබිනි මව්වරුන්ගේ සහ දරුවන්ගේ පෝෂණය ගැන මීට වඩා හිතන්න ඕනේ.”

Related articles

error: Content is protected !!