30 C
Galle

මුහුද හදිසියේ ම ප්‍රචණ්ඩ වූයේ ඇයි ? ඉදිරි පැය කිහිපය ප්‍රවේශම් වෙන්න

Published:

නිරිතදිග සහ බස්නාහිර ප්‍රදේශවලට අද පස්වරුවේ බලපෑ දැඩි රළ තත්වය සුනාමියක් නොවන බවත්, එය නිරිතදිග මෝසම් සුළං සක්‍රීයවීමත් සමඟ සුළං වේගය වැඩිවීමන් සුදවූවක් බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මෙම තත්වය ඉදිරි පැය 24ක කාලයේ දී ද පැවතිය හැකි බැවින් පුත්ලම සිට, ‍කොළඹ, කළුතර, ගාල්ල, මාතර සහ හම්බන්තොට දක්වා ප්‍රදේශවල මුහුදේ ධීවර කටයුතුවලින් ඈත්වී සිටින ලෙස ද එම දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

වරින් වර හමා එන සුළඟේ වේගය පැයට කිලෝ මිටර 60-70ත් දක්වා වඩිවිය හැකි අතර එ් සමඟ මුහුදු රළ ද මීටර 2.5 – 3.5ත් අතර ප්‍රමාණයක් උසට නැගීමට ඉඩ ඇති බව ද සඳහන් වේ.

මේ හේතුනේ මුහුදු බඩ කලාපයේ පදිංචිකරුවන්ටත් වඩාත් අවදානයෙන් සිටින ලෙස රජය දැනුම් දෙයි.

අද පස්වරුවේ බලපෑ මුහුදු රළ හේතුවෙන් උස්වැටකෙයියාව ප්‍රදේශ, මීගමුව, දෙහිවල, ගල්කිස්ස, පානදුර, කළුතර, ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලට ඉතාමත් දැඩි බලපෑමක් කර ඇත.

වෙරළ අයිනේ මාර්ගයේ රථවාහන ධාවනයේ දී ද වඩාත් ප්‍රවේශම්වන ලෙසත් රජය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

පහතින් ඇත්තේ මාතර පොල්හේන ප්‍රදේශයේ ඡායාරූප කිහිපයකි. එම ඡායාරූප Matara Hotnews වෙතිනි

Related articles

spot_img
error: Content is protected !!