30 C
Galle

විශ්වවිද්‍යාල සිසුවෙක් මුහුදට බිලි වෙයි

Published:

රුහුණ විශ්වවිද්‍යාලයේ පළමු වසර සිසුවකු අද (02) සවස මුහුදු රළට හසුව ගසාගෙන ගොස් අතුරුදන්ව ඇතැයි දික්වැල්ල පොලිසිය පවසයි.

22 හැවිරිදි වියේ පසුවූ ඔහු දික්වැල්ලේ සෙත්තගල්ල ප්‍රදේශයේ පිහිටා ඇති ස්වභාවික මුහුදු තටාකයක් යැයි හැඳින්වෙන ස්ථානයේ දිය නාමින් සිටිය දී උදම් රළට හසුව මුහුදට ගසාගෙන ගොස් ඇත.

ඔහුගේ සිරුර සොයා ගැනීමට නාවික හමුදාව සහ පොලිසිය මෙහෙයුම් ආරම්භ කර තිබේ.

Related articles

spot_img
error: Content is protected !!