28 C
Galle

විදෙස් ගුවන්යානාවලට ඉන්ධන දීම නවතයි. යානා පැමිණීම අඩුවෙයි

Published:

ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශීය ගුවන්යානා සඳහා මෙරට දී ඉන්ධන ලබාදීම නතර කර තිිබේ. මේ හේතුවෙන් එම යානාවලට ඉන්දියාවෙන් ඉන්ධන ලබාගැනීමට සිදුව ඇත.

ඉන්ධන හිඟය හේතුවෙන් ගුවන් යානා ඉන්ධන තොග ප්‍රමාණවත් නොවීම හේතුවෙන් මෙවැනි තීරණයක් ගෙන ඇති බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.එස්.රුවන්චන්ද්‍ර පවසයි.

හදිසි අවස්ථාවක දී ප්‍රයෝජනයට ගැනීම සඳහා ඉතාමත් සුළු ඉන්ධන ප්‍රමාණයක් සංචිතයේ ඇති බවයි.

ගුවන් යානා ඉන්ධන අර්බුදය විසඳීම සඳහා පුද්ගලික සමාගම්වලට ගුවන් යානා ඉන්ධන ගෙන්වීමට අවසර දීම කෙරෙහි ද රජයේ අවධානය යොමුව තිබේ.

ශ්‍රී ලංකාවට සිය ගමන් වාර පවත්වාගෙන යන ලොව ගුවන් යානා සමාගම් රැසක් මේ හේතුවෙන් මෙරටට පැමිණීම ප්‍රතික්ෂේප කරමින් සිටින අතර එය මෙරට සංචාරක කර්මාන්තයට ද අහිතකර ලෙස බලපානු ඇත.

Related articles

error: Content is protected !!