30 C
Galle

තරුණියක් මුහුදට බිලි වෙයි

Published:

උස්වැටකෙයියාව මුහුදේ රළ පාගමින් සිටි තරුණියක මුහුදු රළට හසුව මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ කඩවත, බියන්විල පදිංචි 30 හැවිරිදි තරුණියකි.

ඊයේ (02) සවස හෝටලයක පැවැති උත්සවයකට සහභාගී වීමෙන් අනතුරුව තවත් පිරිසක් සමඟ රළ පෑගීම සඳහා ඇය වෙරළට ගොස් සිටිය දී පැමිණි රළකට හසුව මුහුදට ගසාගෙන ගොස් ඇත.

මරණය සම්බන්ධයෙන් පමුණුගම පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.

Related articles

spot_img
error: Content is protected !!