28 C
Galle

ඉන්ධන හළක ගැටුමක්. පිරිසක් අත්අඩංගුවට

Published:

දඹුල්ල, ඉනාමළුවේ පිහිටි අයිඕසී සමාගමේ තෙල් පිරවුම්හළේ අද (03) අළුයම ඇති වූ කලබලයක දී ප්‍රදේශවාසීන් විසින් ගල්මුල් ප්‍රහාරයක් ද එල්ල කර ඇත.

අලුයම විශාල පිරිසක් ඉන්ධන ලබාගැනීමේ අපේක්ෂාවෙන් පෝළිමේ රැඳී සිටිය දී තෙල් තොග අවසන් වූ බවට පිරවුම්හල් සේවකයන් විසින් දැනුම්දීමත් සමඟ බහින් බස්වීමක් ඇති වී එය ගැටුමක් දක්වා වර්ධනය වී තිබේ.

ඉන්ධන අපේක්ෂාවෙන් සිටි පිරිස් මාර්ගය වසා දමා විරෝධතාවක් ආරම්භ කර ඇත. ඇතැම් පිරිස් ඉන්ධන හලේ සේවකයන්ට සහ ආරක්ෂක නිලධාරීන්ට ගල්මුල් ප්‍රහාරයක් ද එල්ල කර තිබේ.

පොලිසිය සහ හමුදාව මැදිහත්ව සිද්ධිය පාලනය කර ඇති අතර ඉන්ධන පිරවුම් හළේ හිමිකරු පවසන්නේ තවදුරටත් ඉන්ධන ගෙන්වීම සිදු නොකරන බවයි. කලහකාරී තත්වයත් සමඟ මෙම සේවාව පවත්වා ගෙන යා නොහැකි බව ද ඔහු කියයි.

සීගිරිය පොලිසිය විසින් කලහකාරීව හැසිරුණු පුද්ගලයන් 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

Related articles

error: Content is protected !!