30 C
Galle

රට ම Lockdown, ඉන්දන නැතිව සියල්ල අක්‍රිය වෙයි

Published:

රට වසා දැමීම නිල වශයෙන් ප්‍රකාශයට පත් නොකළ ද ඉන්ධන සහ විදුලි අර්බුදය තවත් උඝ්‍ර වීම හේතුවෙන් එළැඹෙන සතියේ දී රට වැසීයන තත්වයක් උදාවී ඇත.

මෙය නිරායාසයෙන් ම සිදුවන්නක් බැවින් රජය ඒ පිළිබඳ නිවේදනය නොකර ඉබේම සිදුවන්නට ඉඩ හැර ඇතැයි දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

මේ වනවිට කිසිදු ඉන්ධන නැවකට ගෙවීම් කර නොමැති අතර ඉන්ධන පැමිණෙන දිනයක් හෝ කිසිවෙකුට ස්ථිර වශයෙන් කිව නොහැකි තත්වයක් උදා වී ඇත. මේ නිසා අත්‍යාවශ්‍ය සේවාවන් පවත්වාගෙන යාම දැඩි අර්බුදයකට ලක්ව ඇත.

පොදු ප්‍රවාහන සේවා ඇතුළු සියල්ල ඉදිරි දින කිහිපෙයන් පසු ඇණ හිටීමට නියමිත අතර විදුලි නිෂ්පාදනය ද අඩාල වී පැය 10-15ත් අතර විදුලි කප්පාදුවක් කරා රට ගමන්කරනු ඇත. සෞඛ්‍ය සේවාවන්, අධ්‍යාපන සේවා පවා පවත්වාගෙන යාමට නොහැකි වනු ඇත.

Related articles

spot_img
error: Content is protected !!