30 C
Galle

වෙඩි තැබීමකින් පොලිස් නිලධාරීන් තිදෙනකු මරුට

Published:

වරෙන්තුකරුවකු අත්අඩංගුවට ගැනීමට ගිය ඇමෙරිකා පොලිස් නිලධාරීන් තිදෙනකු වෙඩි තැබීමකින් මියගොස් ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

ඇමෙරිකාවේ කෙන්ටකි ප්‍රාන්තයේ දී එරට වේලාවෙන් ඊයේ (02) රාත්‍රී 7.30ට පමණ මෙම ඝාතනය සිදුව ඇත.

ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය සම්බන්ධ චෝදනාවක් එල්ල වී සිටි ලාන්ස් ස්ටෝර්ස් නමැති 49 හැවිරිදි පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරීන් ඔහුගේ නිවසට ගිය අවස්ථාවේ වෙඩි තැබීම සිදුව ඇත. වෙඩි තැබීම සිදුකළ සැකකරුවා මේ වනවිට පොලිසියට භාර වී ඇති බවත් සිද්ධියෙන් තවත් පුද්ගලයන් හතර දෙනකු තුවාල ලබා ඇති බවත් පොලිසිය මාධ්‍යයට පවසා තිබේ.

https://www.bbc.com/news/world-us-canada-62025539

Related articles

spot_img
error: Content is protected !!