30 C
Galle

ඕස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් පනින්න හැදූ 75ක් අත්අඩංගුවට

Published:

හොර පාරෙන් ඕස්ට්‍රේලියාවට යාමට තැත්කළ පුද්ගලයන් 75 දෙනකු ඊයේ (02) සහ අද (03) අත්අඩංගුවට ගත්බව නාවික හමුදාව පවසයි.

51 දෙනකු ගමන්කරමින් තිබූ බහුදින ධීවර යාතාවක් ත්‍රිකුණාමයට උතුරු මුහුදේ දී අද අත්අඩංගුවට ගෙන ඇත. එම පිරිස අතර කා්නතාවන් 05ක් සහ දරුවන් 05ක් ද සිටි බව නාවික හමුදාව පවසයි. ඔවුන් යාපනය, වව්නියාව, ත්‍රිකුණාමලය, මඩකලපුව, අම්පාර, ගම්පහ සහ රත්නපුර ප්‍රදේශවල පදිංචිකරුවන් බව ද අනාවරණය වී තිබේ. අත්අඩංගුවට ගත් එම පිරිස අතර මිනිස් ජාවාරම මෙහෙවන පුද්ගලයන් 06 දෙනකු ද සිටින බව නාවික හමුදාව පවසයි.

නාවික හමුදාව සහ වෙරළාරක්ෂක බලකාය එක්ව ඊයේ (02) මාවරවිල ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමක දී බෝට්ටුවකින් ඕස්ට්‍රේලියාවට නීති විරෝධී ලෙස සංක්‍රමණය වීමට සූදානමින් සිටි බවට සැක කෙරෙන 24 දෙනකු අත්අඩංගුවට ගෙන ඇත.

Related articles

spot_img
error: Content is protected !!