29.4 C
Galle

අත්‍යාවශ්‍ය සේවා ගැසට් කරයි

Published:

සෞඛ්‍ය, විදුලිබල සැපයීම, ඛණිජ තෙල් නිෂ්පාදන, ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම යන සේවාවන් අත්‍යාවශ්‍ය සේවා බවට පත්කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව විදුලිය සැපයීමේ සියලු සේවාවන්, රෝහල්වල, සාත්තු නිවාසවල, බෙහෙත් ශාලා සහ වෙනත් සාමාන්‍ය ආයතනවල රෝගීන් නඩත්තු කිරීම සහ පිළිගැනීම, රැකවරණය සැළසීම, පෝෂණය කිරීම සහ ප්‍රතිකාර කිරීම අත්‍යාවශ්‍ය ‍සේවාවක් බවට පත්කර ඇත. 1979 අංක 61 දරන අත්‍යාවශ්‍ය මහජනන සේවා පනතට අනුව මෙම අතිවිශේෂ ගැසට් නිවේදනය ඊයේ දිනයේ සිට බලපැවැත්වෙන පරිදි නිකුත් කර තිබේ.

Related articles

spot_img
error: Content is protected !!