29.4 C
Galle

හෝමාගම නිවසේ බාලම දියණියත්, මව පියා සහ අක්කා ගිය නොඑන ගමනට එක්වෙයි

Published:

හෝමාගම මාගම්මන නිවසක පසුගිය 25 වැනි දා ඇති වූ ගින්නෙන් පිළිස්සී ප්‍රතිකාර ලබමින් සිටි සය හැවිරිදි දියණිය ද ඊයේ (03) මියගියාය.

බොරැල්ල රිජ්වේ ආර්යා ළලමා රෝහලේ දී මෙසෙ මියගියේ රිතුෂි රණසිංහ නමැති දැරියකි.

ගින්නට හසුවීමෙන් එම පවුලේ පියා එදිනම (25) මියගිය අතර මව ඊට පසුදින (26) මියගියාය. මවගේත් පියාගේත් අවසන් කටයුතු සිදුකළ 28 වැනි දා වැඩිමහල් දියණිය මියගියාය.

මේ අනුව එම පවුලේ මව, පියා සහ දියණියන් දෙදෙනාම ජීවිතක්ෂයට පත්වූහ.

පොලිසිය පවසන්නේ නිවසේ කාමරයක් තුළ පෙට්‍රල් ගඩා කර තිබීි ඒ හේතුවෙන් ගින්න ඇතිවී තිබෙන බවට විශ්වාස කරන බවයි.

වැඩිදුර පරීක්ෂණ කහතුඩුව පොලිසිය විසින් සිදුකරනු ලබයි.

Related articles

spot_img
error: Content is protected !!