26.5 C
Galle

දයා ගමගේ සතු සමාගම්වල, ණය අයකර ගැනීමේ උත්සාහය‍ට අධිකරණයෙන් තහනමක්

Published:

හිටපු අමාත්‍යවරයකු වන දයා ගමගේ සභාපතිත්වය දරන සමාගම් විසින් ලබාගෙන ඇති ණය අයකර ගැනීම සඳහා මහජන බැංකුව සංවිධානය කළ දේපළ වෙන්දේසියක් කොළම වාණිජ මහාධිකරණයයෙන් තහනම් කර තිබේ.

දයා ගමගේ හිිටපු අමාත්‍යවරයා සතු ව්‍යාපාර කිහිපයක් සඳහා රාජ්‍ය බැංකුවලින් ණය ලබාගෙන ඒවා ගෙවීම පැහැර හැර ඇතැයි පසුගිය දා විශාල චෝදනාවක් එල්ලවිය. එවිට දයා ගමගේ කියා සිටියේ තමන් ණය ගෙන නැති අතර සමාගම්වලට ගත් ණය තනි පුද්ගලයකු ගත් ණය ලෙස සැළකිය නොහැකි බවයි.

මේ ණය අයකරගැනීම සඳහා මහජන බැංකුව දේපළ වෙන්දේසියක් සංවිධානය කර තිබිණි. එම දේපළ වෙන්දේසියට එරෙහිව ‍වාණිජ මහාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත්කර ඇති අතර එම නඩුව ලබන ජූලි මස 12 වැනි දින යළිි කැඳවීමට දින නියම කර තිබේ.

Related articles

error: Content is protected !!