29.4 C
Galle

ඉන්ධන බෙදීමේ ප්‍රමුඛතාව කවරක් ද යන්න ගැන අධිකරණයෙන් වාර්තාවක් කැඳවයි

Published:

ඉන්ධන බෙදාහැරීමේ දී ප්‍රමුඛතාව ලබාදෙන ක්ෂේත්‍ර කවරේ ද යන්න පිළිබඳ වාර්තාවක් ලබන 12 වැනි දා ට පෙර අධිකරණයට ලබාදෙන්න යැයි ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නීතිපතිවරයාට නියෝග කර තිබේ.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් සළකා බලමින් විජිත් මළල්ගොගඩ, මහින්ද සමයවර්ධන සහ අර්ජුන ඔබේසේකර යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් මේ නියෝගය නිකුත් කරන ලදී.

එම වාර්තාව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 14 වැනි දා ඒ ගැන සළකා බලන බව ද විනිසුරුවරු දැනුම් දුන්හ.

Related articles

spot_img
error: Content is protected !!