26.5 C
Galle

සජිත් – මෛත්‍රී සර්ව පාක්ෂික ආණ්ඩුවකට සාකච්ඡා

Published:

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ සජිත් ප්‍රේමදාස අතර අද (04) විපක්ෂ නායක කාර්යාලයේ දී සාකච්ඡාවක් පැවැත්විණි.

ඒ සාකච්ඡාව සඳහා සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත්  මද්දුමබණ්ඩාර සහ රාජිත සේනාරත්න ඇතුළු සිවිල් ක්‍රියාකාරිකයෝ  පිරිසක් ද සහභාගී වී සිටියහ.

මේ හමුවේ දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳව ද සාකච්ඡා කර ඇතැයි වාර්තා වේ.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ව සිටිය දී ව්‍යවස්ථාවට පටහැණිව යමින් මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යධූරයට පත්කළ අවස්ථාවේ දී ඇති වූ මහජන විරෝධයේ දී ඔහු එවකට කියා සිටියේ එක්සත් ජාතික පක්ෂයෙන් සජිත් ප්‍රේමදාස අගමැතිධූරය භාරගන්නේ නම් එය පිරිනැමීමට තමන් සූදානම් බවයි. නමුත් එය නැවත රනිල් වික්‍රමසිංහට භාර නොදෙන බව ද මෛත්‍රීපාල සිරිසේන එකල කීවේය.

Related articles

error: Content is protected !!