29.4 C
Galle

ජනාධිපතිට පාර්ලිමේන්තු සභා ගැබේ දී හූ කියයි

Published:

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (05) පාර්ලිමේන්තු සභා ගැබේ අසුන්ගත් අතර ගෝඨා ගෝ හෝම් කියමින් විපක්ෂයේ මන්ත්‍රීවරු විරෝධතා පාඨ සහිත පුවරු රැගෙන උද්ඝෝෂණයක් ආරම්භ කළහ.

අගමැති රනිල් වික්‍රමසිංහ සභාව අමතමින් සිටිය දී මේ උද්ඝෝෂණය ආරම්භ වූ අතර ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු ගෝඨා ඕනෑ යැයි කියමින් කෑ ගසන්නට විය. අනතුරුව විපක්ෂයේ මන්ත්‍රීවරු ඔවුන්ට හූ තබන්නට ද වූහ.

පාර්ලිමේන්තුවේ ඇති වූ මේ නොසන්සුන්කාරී තත්වය හේතුවෙන් විනාඩි 10කට පාර්ලිමේන්තුව කල් තැබීමට කතානායක මහින්ද යාපා අබේවර්ධන කටයුතු කළේය.

විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ හූ හඬ මධ්‍යයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සභා ගැබෙන් ඉවත්ව ගියේය.

Related articles

spot_img
error: Content is protected !!